Home News Breaking ඉන්දියාවේ සිට තෙල් බාලාගේ මළ සිරුර ලංකාවට

ඉන්දියාවේ සිට තෙල් බාලාගේ මළ සිරුර ලංකාවට

436 views
SHARE

ඉන්දියාව සහ මෙරට අතර සිදුකෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරුවෙකු වන “මුණියන්ඩි වාප්පු බාලන් හෙවත් තෙල් බාලා“ ජීවිතක්ෂයට පත්ව තිබේනවා.

ඉන්දියාවේ තමිල්නාඩුවේ පදිංචිව සිටියදී මොහු ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ මළ සිරුර ඊයේ(28) රාත්‍රී දිවයිනට රැගෙන විත් ඇති බව අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.126 දරණ ගුවන් යානයෙන් තෙල්බාලාගේ මළ සිරුර දිවයිනට රැගෙනවිත් ඇති අතර අද(1) උදෑසන මළ සිරුර ඥාතීන් වෙත බාරදී ඇති බව සඳහන්වේ.

2001 වසරේ දී කිලෝග්රෑම් 35ක හෙරොයින් තොගයක් මෙරටට රැගෙන ආ බවට තෙල් බාලාට චෝදනා එල්ල වූ අතර ඒ අනුව ඔහු මෙරටින් පළා ගොස් තමිල්නාඩුවේ වාසය කර තිබේනවා .

රෝගී තත්ත්වයක් හේතුවෙන් අවයව බද්ධ කිරීමේ ශල්‍ය කර්මයකට ලක් කර ඇති ඔහු ඉන් අනතුරුව ඇති වූ සංකූලතා හේතුවෙන් ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site