Home News Politics ඒකාබද්ධ විපක්ෂයේ නව වන හෙළිදරව්ව සෞඛ්‍ය අමාත්‍ය රාජිත

ඒකාබද්ධ විපක්ෂයේ නව වන හෙළිදරව්ව සෞඛ්‍ය අමාත්‍ය රාජිත

420 views
SHARE

ආණ්ඩුවේ දූෂිතයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළෙහි නව වන හෙළිදරව්ව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සෙනවිරත්නට එරෙහිව සිදු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසයි.

අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

පිළිකා රෝගීන්ට සහන සලසා දුන් බව පැවසුව ද අමාත්‍ය රාජිත සේනාරත්න රුපියල් මිලියන 1500 ක් වියදම් කරමින් රුසියාවේ නිෂ්පාදිත පිළිකා රෝගීන් සඳහා නිර්දේශිත බාල වර්ගයේ අත්‍යාවශ්‍ය ඖෂධයක් ගෙන්වා ඇති බවට මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කර සිටියේ ය.
රාජිත සේනාරත්න සිදු කර ඇති මෙම වංචාව හුදෙක් මුදල් වංචාවකට වඩා එය මානුෂීය ගැටළුවක් බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.

වත්මන් අමාත්‍යධූරයේ පමණක් නොව මීට පෙර පැවති ධීවර අමාත්‍යධූරයේ දී රාජිත සේනාරත්න විසින් සිදු කලා යැයි පැවසෙන මූල්‍ය වංචාවන් රැසක් ද රංජිත් සොයිසා මෙහිදී කියා සිටියේ ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site