Home News Breaking ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි මහින්ද පිලටත් ආරාධනා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි මහින්ද පිලටත් ආරාධනා

421 views
SHARE

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව කොළඹ පදනම් ආයතනයේදී අද රැස්වීමට නියමිතයි.

මෙම රැස්වීම පැවැත්වෙන්නේ, පක්ෂ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙනි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ, ඉදිරි පළාත් පාලන මැතිවරණය සහ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ය.

මේ අනුව මධ්‍යම කාරක සභාව පෙරවරු 9.00 ට රැස්වීමට නියමිත බව මහින්ද අමරවීර සඳහන් කළේ ය.

විධායක සභාව පස්වරු 4.30 ටත් සමස්ත ලංකා කාරක සභාව පස්වරු 5 ටත් රැස්වනු ඇති.

මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර පවසයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site