Home News Breaking ගම්මන්පිලට එරෙහිව සාක්ෂි දෙමින් ඔස්ට්‍රේලියානුවා කියන කතාව PHOTOS

ගම්මන්පිලට එරෙහිව සාක්ෂි දෙමින් ඔස්ට්‍රේලියානුවා කියන කතාව PHOTOS

605 views
SHARE

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව විභාග වන නඩුවක සාක්ෂිකරු වන ඔස්ට්‍රේලියානු ජාතික සමාගම් හිමිකරු ජෝන් බ්‍රයන් ෂැඩික් ඊයේ කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේ ය.

ඔහු එහිදී පැවසුවේ, තම සමාගම වෙනුවෙන් කටයුතු කිරීමට ගම්මන්පිල ට කිසිදු දිනක ඇටෝනි බලපත්‍රයක් දී නොමැති බව යි .

එමෙන්ම අධිකරණය හමුවේ ඇති ඇටෝනි බලපත්‍රයේ අත්සන තමාගේ නොවන බව ද ඔස්ට්‍රේලියානු ජාතිකයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ, ඩිජිටල් නොමිනීස් නමැති පෞද්ගලික ආයතනය තම පවුලේ සමාගමක් ලෙස ආරම්භ කරන ලද්දක් බවයි.

එම සමාගම ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක මුදලක් පෞද්ගලික බැංකුවක ආයෝජනය කළ බව ද ජෝන් බ්‍රයන් ප්‍රකාශ කළේ ය.

ඔහු ඊයේ සාක්ෂි දෙමින් පැවසුවේ, එම මුදල කිසිවෙකු ලබාගෙන ඇති බව තමා දැනගත්තේ බැංකුවට ලබාදුන් දුරකථන ඇමතුමකින් බව ය.

අදාළ මුදල තම ව්‍යාපාර සගයෙකුව සිට පසුව අමනාප වු සිඩ්නි ජයසිංහ ලබාගත් බවට අනුමාන කළ ද, උදය ගම්මන්පිල එම මුදල් ලබාගෙන ඇති බවට පසුව දැනගත් බව සාක්ෂිකරු ඊයේ අනාවරණය කළේ ය.

1995 වසරේදී මෙරටට පැමිණි අවස්ථාවක තමා කැඳවා ගෙන යාමට උදය ගම්මන්පිල පැමිණි බව ද ඔස්ට්‍රේලියානු ජාතික ජෝන් බ්‍රයන් අධිකරණයට දන්වා සිටියේ ය.

ඔහු පැවසුවේ, සිඩ්නි ජයසිංහ නැමති තම ව්‍යාපාරික සගයාගේ බාල පුත්‍රයා තමා වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට ගම්මන්පිල එහිදී දැනුම් දුන් බව ය.

එල්ල වී ඇති මරණ තර්ජන නිසා වහා ම රටින් පිටවන ලෙස ගම්මන්පිල උපදෙස් දුන් බවත් යහපත් බෞද්ධයෙකු ලෙස ඔහු හඳුනාගෙන සිටි බැවින්, එම උපදෙස් පිළිපැදි බවත්, ජෝන් බ්‍රයන් ප්‍රකාශ කළේ ය.

එහෙත් රටින් පිටව යාමට පෙර සිඩ්නි ජයසිංහ හමු වු බව ත් එහිදී තමාට වංචාවක් කළ බව ඔහුද පිළිගත් බව ජෝන් බ්‍රයන් වැඩිදුරටත් සාක්ෂි දෙමින් කියා සිටියේ ය.

නඩුව යළි ලබන 14 වන දා කැඳවනු ඇති.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site