Home News Breaking කළුතර දී බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරයේ සැකකරුවන් හඳුනා ගැනේ

කළුතර දී බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරයේ සැකකරුවන් හඳුනා ගැනේ

524 views
SHARE

කළුතර දී බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරය සැළසුම් කළ ප්‍රධාන සැකකරු ඇතුළු ඊට සම්බන්ධ සැකකරුවන් රැසක් මේ වන විට හඳුනාගැනීමට හැකි වී ඇති බව පොලීසිය සඳහන් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරන අපරාධ විමර්ශකයින් විසින් අදාළ සැකකරුවන් හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

එමෙන්ම මෙම සැකකරුවන්ගෙන් කිහිපදෙනෙකු ව්‍යාජ ගමන් බලපත්‍ර උපයෝගී කරගනිමින් විදෙස්ගතවීමේ සැළසුමක් ඇති බවට ද පොලීසියට තොරතුරු ලැබී ඇති බව සඳහන්.

ඒ අනුව එම ප්‍රයත්නය වැලැක්වීම සඳහා කටුනායක හා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත එම පුද්ගලයින් පිළිබඳ තොරතුරු සපයා ඇති අතර ඔවුන් පිළිබඳ විමිසිලිමත්වීමට විශේෂ පොලිස් කණ්ඩායම් එම ගුවන්තොටුපොළවල් වෙත යොමු කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති ප්‍රයන්ත ජයකොඩි වැඩි දුරටත් පැවසුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site