Home News Politics සුළු හෝ ලැජ්ජාවක් පවතී නම් මුදල් ඇමති ඉල්ලා අස්විය යුතුයි

සුළු හෝ ලැජ්ජාවක් පවතී නම් මුදල් ඇමති ඉල්ලා අස්විය යුතුයි

377 views
SHARE

නිවේදන නිකුත් කිරිම සම්බන්ධයෙන් රවී කරුණානායක ගේ අවිධිමත් ක්‍රියාකලාපය පිළිබඳ ඔහුට සුළු හෝ ලැජ්ජාවක් පවතී නම් තම අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.

අද (02) පැවති ඒකබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා විසින් කරුණු 8 කින් යුතුව ප්‍රසිද්ධ නිවේදනයක් මුදල් අමාත්‍යාංශයේ නිවේදනයක් වශයෙන් ප්‍රසිද්ධියේ නිකුත් කර ඇති බවත් එහිදී මෙම බැඳුම්කර නිකුතුවට අජිත් නිවාඩ් කබ්රාල් හිටපු මහ බැංකු අධිපතිවරයා සහ හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ සම්බන්ධ බව පවසා ඇති බවත් බන්දුල ගුණවර්ධන කියා සිටියේ ය.

නමුත් එය මුදල් අමාත්‍යාංශයේ නිවේදනයක් නොවන බවත් එය මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා නිකුත් කර ඇති බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසා සිටින බැවින් එහි වගකීම සම්බන්ධයෙන් මේ වන විට අවිනිශ්චිත තත්ත්වයක් උදගත වී ඇති බව පැවසු මන්ත්‍රීවරයා කියා සිටියේ මුදල් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සිය තනතුර අතහැරිය යුතු බවයි.

එමෙන්ම හැකිනම් තමාට එරෙහිව නඩු පවරන ලෙසට මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් මහින්ද රාජපක්ෂ වෙත කරන ලද අභියෝගයට ඒකාබද්ධ විපක්ෂ විසින් නඩු රැසක් පැවරීමට බලාපොරොත්තු වන බව ද මෙහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

පරාජය කිරීමට නොහැකිව තිබු මෙරට තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට නොපැකිළිව ඉදිරිපත් වු මහින්ද රාජපක්ෂ කිසි විටෙකත් රවී කරුණානායක වැනි අයෙක් විසින් සිදු කරන ලද අභියෝග ගණන් නොගන්නා බව ද ගුණවර්ධන වැඩි දුරටත් කියා සිටියේ ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site