Home News Breaking පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳුන්ට නඩු

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳුන්ට නඩු

225 views
SHARE

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳුන් 630කට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේනවා .

එම අධිකාරිය සඳහන් කළේ, සහල් සඳහා පාලන මිල පැනවූ පසුගිය 17 වන දා සිට දීපව්‍යාප්තව වැටලීම් 1500ක් සිදු කළ බව යි .

මේ අතර වෙළෙඳපොළේ සහල් මිල පහළ යමින් ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අලෙවි ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ප්‍රධානී දුමින්ද ප්‍රියදර්ශන සඳහන් කළා .

මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ඩී.කේ. රංජිත් පැවසුවේ, මේ වන විට පාලන මිල යටතේ තම නිෂ්පාදන අලෙවි කරන බව යි .

ජංගම රථ යොදවා නගර හා ජනාකීර්ණ ප්‍රදේශවල පාලන මිලට අඩුවෙන් සතොස හරහා සහල් අලෙව් කිරීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශය නිවේදනය කළේ, සහල් සඳහා නියම කළ උපරිම සිල්ලර මිලටත් වඩා රුපියල් 3ක් අඩුවෙන් ලක් සතොස මගින් පාරිභෝගික ජනතාවට සහල් විකිණීමට පියවර ගෙන ඇති බව යි .

කෙසේ වෙතත් තමන්ට තවමත් පාලන මිලට සහල් මිලදී ගත නොහැකි බව ප්‍රදේශ රැසක ජනතාව අප වාර්තා කරුවන් හට ප්‍රකාශ කර තිබෙනවා

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site