Home News Sports ක්‍රීඩා ඇමතිගෙන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබුණු පොරොන්දු මල්ල

ක්‍රීඩා ඇමතිගෙන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබුණු පොරොන්දු මල්ල

308 views
SHARE

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් වෙනුවෙන්, මාසික පෝෂණ දීමනාව ලබා දීම ඊයේ නිළවශයෙන් ආරම්භ විය.

මලල ක්‍රීඩා සංචිතය නම් කිරීමෙන් අනතුරුව,ඔවුන් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට, පුහුණු කටයුතු ආරම්භ කළ ද පෝෂණ දීමනාව ලබා දීම සිදුවූයේ නැත. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මගින් සිදුකළ ඉල්ලීම මත ක්‍රීඩා අමත්‍යාංශය විසිනේ මෙලෙස පෝෂණ දීමනාව මෙම වසරේ ජනවාරි මස සිට ලබා දීමට කටයුතු කර තිබේ.

මලල ක්‍රීඩා සංචිතයේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, 16 දෙනෙකු හට මෙම දීමනාව ලබා දෙන අතර, කණීෂ්ඨ අංශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකු සඳහාද මෙම දීමනාව ලබා දීමට නියමිතවේ.

ඊට අමතරව ජ්‍යේෂ්ඨ පුහුණුකරුවන් 9 දෙනෙකු හා කණිෂ්ඨ පුහුණුකරුවන් 11 දෙනෙකු වෙතද මෙම දීමනාව ලබා දීමට පියවර ගෙන තිබේනවා .

එසේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන්, රක්ෂණ ආවරණයක්, කැපකරු මාපිය ක්‍රමයක් හා විදෙස් පුහුණු අවස්ථා ද ලබා දීමට නුදුරේදීම සිදුවන බව ද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා

මේ වනවිට ඊට අදාළ කටයුතු අවසන් අදියරේ පසුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site