Home News International අමෙරිකානු නීතිපතිට ඉල්ලා අස්වන ලෙසට බලපෑම්

අමෙරිකානු නීතිපතිට ඉල්ලා අස්වන ලෙසට බලපෑම්

189 views
SHARE

අමෙරිකානු ජනාධිපතිවරණයට පෙර අමෙරිකාවේ නීතිපතිවරයා වන ජෙෆ් සෙෂන් සහ රුසියානු නිලධාරීන් අතර සම්බන්ධතා පැවති බව අනාවරණය වීමත් සමග නීතිපතිවරයා වෙත එල්ල වන පීඩනය වැඩිවෙමින් පවතී.

එහෙත් කිසිදු දේශපාලනමය වැඩසටහනක් සඳහා තමන් රුසියානු නිලධාරීන් හමු නොවූ බව නීතිපතිවරයා පවසයි.

තමා සහ රුසියානු නිලධාරීන් අතර හමුව පිළිබඳ පළවන වාර්තා අසත්‍ය බව විදෙස් මාධ්‍ය ජාලයකට අදහස් දක්වමින් නීතිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

ජනවාරි මාසයේදී නීතිපති ජෙෆ් සෙෂන් සෙනෙට් සභාවේ සාක්ෂි විමසීමකදී කියා සිටියේ, ජනාධිපතිවරණ සමයේ තමා සහ රුසියානු නිලධාරීන් අතර සබඳතාවක් නොපැවති බව යි .

මේ අතර නීතිපතිවරයා අසත්‍ය ප්‍රකාශ කරන බව ඩිමොක්‍රටික් පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ පවසති.

එම පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයෙක් වන ජිම් හිම්ස් පවසන්නේ, නීතිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව ය.

රටේ නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රධාන නිලධාරියාට හිතාමතා අසත්‍ය ප්‍රකාශ කළ නොහැකි බව ජිම් හිම්ස් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site