Home News Breaking බස් රථ දෙකක් හා ලොරියක් ගැටෙයි – 37කට තුවාලයි

බස් රථ දෙකක් හා ලොරියක් ගැටෙයි – 37කට තුවාලයි

278 views
SHARE

අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ මහගල්කඩවල හන්දිය ප්‍රදේශයේදී ඇගළුම් සේවිකාවන් රැගත් බස් රථයක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බස් රථ දෙකක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ ගිරිබාව සිට තබුත්තේගම දක්වා ඇඟළුම් කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක් සහ ගල්ගමුවේ සිට අනුරාධපුර දෙසට පැමිණි ලොරි රථයක්.

එහිදී ලොරි රථයේ වේගය පාලනය කර ගත නොහැකිව ඉදිරියෙන් ආ ලංගම බස් රථයක ද ගැටී තිබෙනවා.

අනතුරින් ඇගළුම් සේවිකාවන් රැගත් බස් රථයේ සහ ලංගම බස් රථයේ ගමන් කළ පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළත් කල බවයි වාර්තා වන්නේ.

ඉන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් 08 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර සහ කුරුණෑගල රෝහල් වෙත මාරුකර යවා ඇති බව පොලීසිය සඳහන් කළා.

අනතුර සම්බන්ධයෙන් ඇගළුම් සේවිකාවන් රැගත් බස් රථයේ රියදුරු සහ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site