Home News Breaking “රාජ්‍ය නොවන සංවිධාන ගහන පදේට මම නටන්නේ නෑ” – ජනපති කියයි

“රාජ්‍ය නොවන සංවිධාන ගහන පදේට මම නටන්නේ නෑ” – ජනපති කියයි

249 views
SHARE

විදේශීය සම්බන්ධතා මත කටයුතු කරන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන පවසන ආකාරයට ආණ්ඩු කිරීමටවත් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට චෝදනා පත්‍ර ගෙන ඒමට හෝ නඩු ඇසීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අද(04) පෙරවරුවේ පලාලි ගුවන් හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

රණවිරුවන්ට එරෙහිව විදෙස් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසිය යුතු බවට පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා කරන ලද යෝජනාව තමා තරයේ ප්‍රතික්ෂේප කළ බව ජනාධිපතිවරයා සඳහන් කළා.

මුදල් පසුපස හඹා යන ඇතැම් රාජ්‍ය නොවන සංවිධානත් පටු දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා කටයුතු කරන විරුද්ධවාදී දේශපාලන බලවේගත් කුමන චෝදනා එල්ල කළ ද මේ රටේ රණවිරුවන්ගේ ප්‍රධාන ආරක්ෂකයා තමා බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

රණවිරුවන්ගේ ගෞරවයට හානිවන කිසිඳු ආකාරයේ ක්‍රිරයාකාරකමකට තම ධුර කාලය තුළ ඉඩ නොලැබෙන බවට ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site