Home News Breaking රුවන්වැල්ලේදී බස් – වෑන් ගැටුමකින් තිදෙනෙක් මරුට

රුවන්වැල්ලේදී බස් – වෑන් ගැටුමකින් තිදෙනෙක් මරුට

347 views
SHARE

රුවන්වැල්ල ප්‍රදේශයේ දී වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවුණා.

මෙම අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්වී තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

රුවන්වැල්ල පොලිස් වසමට අයත් තල්දූව, ඌරාපොළ මාර්ගයේ අමිතිරිගල විහාරස්ථානය අසළ මෙම අනතුර සිදු වුණා.

කිරිදිවැල දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් රථයක ගැටීමෙන් අනතුර සිදුවූ අතර අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලැබුවා.

තුවාලකරුවන් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ පසුවූවන් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්වූ බවයි පොලිසිය සදහන් කලේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රුවන්වැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site