Home News Breaking මාලදිවයිනේ සිරකරුවෙකු වූ ළහිරු බේරගන්න ජනාධිපති ගෙන් සහය පතයි

මාලදිවයිනේ සිරකරුවෙකු වූ ළහිරු බේරගන්න ජනාධිපති ගෙන් සහය පතයි

229 views
SHARE

මාලදිවයින් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට උත්සහ කළ බවට අසත්‍ය චෝදනා කරමින් දැනට මාලදිවයින් බන්ධනාගාරයක රඳවා සිටින මාලඹේ ළහිරු මධුෂංක නිදහස් කර දෙන මෙන් ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ ඥාතීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් ඉල්ලීමක් කරයි.

2015 වසරේ ඔක්තෝබර් මස 22 වන දින මාලදිවයින් බලධාරීන් විසින් ළහිරු මධුෂංක අත්අඩංගුවට ගත් අතර මහජන කෝලාහල ඇති කිරීම ඔහුට විරුද්ධව එල්ල වූ චෝදනාවය.

රැකියාවක් ලබා දෙන බවට පවසා ළහිරු මධුෂංකගේ මිතුරෙකු ඔහුව මාලදිවයිනට ගෙන්වාගෙන ඇති අතර පසුව අදාළ මිතුරා මොහුගේ මුදල් ද රැගෙන පළාගොස් ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් පසුව මාලදිවයින් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට උත්සහ කළ බවට සැකපිට ළහිරු මධුෂංකව ද අත්අඩංගුවට ගෙන ඔහුව සිරගත කර තිබේ.

අනතුරුව ළහිරු මධුෂංක අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර එහිදී පැවැති හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී සාක්ෂිකරුවන් සිව් දෙනෙකුටම ඔහු හඳුනාගැනීමට හැකියාව ලැබී නැත.

ඒ අනුව අධිකරණය මගින් ළහිරු මධුෂංක නිදහස් කොට තිබේ.

එහෙත් මොහුට විරුද්ධව එල්ල වූ චෝදනා බරපතළ බැවින් ඔහු නිදහස් කිරීමට රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් අවශ්‍ය බව මාලදිවයින් බලධාරීන් පවසා ඇත.

මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී ඔහුගේ පවුලේ ඥාතීන් බලධාරීන් දැනුවත් කර ඇති අතර මේ දක්වාත් ළහිරු මධුෂංක නිදහස් කර ගැනීමට කිසිඳු පාර්ශවයක් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නැත.

මෙම තත්ත්වය තුළ දැනට මාස 05ක පමණ කාලයක සිට ළහිරු මධුෂංක කිසිඳු චෝදනාවක් නොමැතිව මාලදිවයිනේ සිරමැදිරියක රැදී සිටින බව ඔහුගේ බිරිද වන චාන්දනී මධුරංගී පවසා සිටියේය.

පවතින තත්ත්වය හමුවේ ළහිරු මධුෂංක නිදහස් කර ගැනීමට ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ සහය අපේක්ෂා කර සිටින බව පවුලේ ඥාතීන් පවසයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site