Home C Gossip ට්‍රැෆික් රාළහමිගේ ජොබ් එක කරන 80වේ ආච්චි

ට්‍රැෆික් රාළහමිගේ ජොබ් එක කරන 80වේ ආච්චි

497 views
SHARE

කෑගල්ල, හෙට්ටිමුල්ල බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලය අසල ඇති ප්‍රධාන මාර්ගයේ පදික මන්තීරුවේ සිට පාසල් දරුවන් සහ ජනතාව හසුරුවන අපූර්වතම වයෝවෘද්ධ කාන්තාවක් පිළිබඳව වාර්තා වනවා.

ඇය කෑගල්ල පරගම්මන ගම මැද පාරේ පදිංචි කේ. ලිලී වයලට් නමැති එක්දරු මවක්.

1972 වර්ෂයේදී විවාහ වූ ලිලී වයලට් ස්වාමි පුරුෂයා මිය යෑමෙන් පසු සිය මවුපියන් ළඟට පැමිණ තිබෙනවා.

ප්‍රදේශයේ කුලී වැඩක් කරමින් සිය දියණිය උස් මහත් කරගෙන ඇති වයලට් පසුව 1978 වර්ෂයේදී හෙට්ටිමුල්ල බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලයට සිය දියණිය ඇතුළත් කර ගැනීමට ගිය අවස්ථාවේදී කෑගල්ල බුලත්කොහුපිටිය ප්‍රධාන මාර්ගයේ බස් රථ සහ පෞද්ගලික වාහන විශාල ප්‍රමාණයක් අතරින් ප්‍රදේශයේ මවුපියන් සිය දරුවන් පාසලට රැගෙන යන අයුරු හා ආපසු නිවාස කරා ඉතා අපහසුවෙන් රැගෙන යන අයුරුත් දැක තිබුන බවයි ඇය සඳහන් කලේ.

පසුදින සිට සිය දියණිය විද්‍යාලයට යවා පෙරවරු 6.15 සිට මාර්ගයේ වාහන හසුරුවමින් දූ දරුවන්ද අනතුරට ලක් නොකරමින් විද්‍යාලය වෙත යැවීමට ඇය එදා සිට අද දක්වා කටයුතු කරනු ලැබුවා.

වසර 40ට ආසන්න කාලයක් මෙම ස්ථානයේ සේවය කරන ඇයට දැන් වයස අවුරුදු 80ක් වනවා.

අසූ හැවිරිදි වයලට් මාතාව මෙසේ සඳහන් කළා.

“අද මට ඇතැම් පාසල් වෑන් රථවලින් මසකට රුපියල් සියයක් ලබාදෙනවා. සමහර මවුපියොත් මට කීයක් හරි ලබා දෙනවා. ඒ හැර වෙන කාගෙන්වත් මට උදව්වක් උපකාරයක් නෑ. මම හැමදාම උදේ 6.15 වෙනකොට මෙතැන්ට ඇවිල්ල ආපසු උදේ 8ට පමණ ගෙදර යනවා. නැවත මම 11 පමණ වෙනකොට එනවා. ආපසු ගෙදර යන්න මට වෙලාවක් නෑ. ඇතැම් දරුවන්ව මවුපියන් රැගෙන යන්න නාවොත් මම ඔවුන්ගේ ගෙවල්වලට පවා දරුවන් ගිහින් දෙනවා. මම දැන් මෙතෙන්ට ඇවිල්ලා අවුරුදු 40ක් පමණ වෙනවා. කිසිම අනතුරක් සිදුවෙලා නෑ. මට මේ දිනවල හොඳටම අසනීපයි. ඒත් මම අව්ව වැස්ස නොතකා මෙතෙන්ට එනවා යැයි කඳුළු පිරි දෙනෙතින් ඇය ප්‍රකාශ කළා.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site