Home News Breaking බැදුම්කර නිකුතුව සඳහා ඉදිරිපත් වු බිලියන 10ක ලංසුවට අනුමැතිය හිමි වූ හැටි...

බැදුම්කර නිකුතුව සඳහා ඉදිරිපත් වු බිලියන 10ක ලංසුවට අනුමැතිය හිමි වූ හැටි හෙළිවෙයි

337 views
SHARE

බැදුම්කර නිකුතුව සඳහා ඉදිරිපත් වු රුපියල් බිලියන 10ක ලංසුවට අනුමැතිය දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පැවැසූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමෙන්තුවේ අධිකාරීවරිය ලෙස කටයුතු කළ දීපා කාන්ති සෙනෙවිරත්න සඳහන් කර තිබෙනවා.

ඇය මේ බව හෙළිකළේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ස්ථාපිත කර ඇති ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්.

එසේම අධිපතිවරයා කළ නියෝගය හේතුවෙන් වෙන කිරීමට දෙයක් ඉතිරි නොවීම නිසා එම ලංසුවට අනුමැතිය දීමට සිදුවුණා යැයිද ඇය සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙනත් දෙපාර්තමේන්තුවක රාජකාරී කළ තමා මෙම බැදුම්කර නිකුතුව සිදු කිරීමට දින දෙකකට පෙර රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවට ස්ථාන මාරුවීමක් ලබා පැමිණි බව හෙළි කළ සෙනෙවිරත්න මෙම බැදුම්කර වෙන්දේසිය තමාගේ මුල්ම බැදුම්කර වෙන්දේසිය වු බවයි ඇය වැඩිදුරටත් පවසා තිබෙන්නේ.

බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් මේ බව හෙළි කළ දීපා කාන්ති සෙනෙවිරත්න ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කළ නියෝගයට ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින් සියලු දෙනාද විරුද්ධ වු නමුත් ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සමරසිරි මණ්ඩලයේ සාමාජිකයින් අමතමින් මහේන්ද්‍රන්ගේ තීරණය වෙනස් නොකරන බව දැනුම් දීමෙන් අනතුරුව සෙසු සාමාජිකයින්ද අදාළ ලේඛණයට අත්සන් කළ බවද වැඩිදුරටත් හෙළි කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site