Home News Breaking ද්විත්ව ඝාතනයේ සැකකරුවන් හඳුනාගනියි

ද්විත්ව ඝාතනයේ සැකකරුවන් හඳුනාගනියි

224 views
SHARE

දැරණියගල , මාගල ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි .

ඊයේ (6) රාත්‍රී 10 ට පමණ මාගල ප්‍රදේශයේ නිවසකදී දැරියක් සහ පිරිමි පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කර තිබූ අතර පහර කෑමට ලක් වූ දැරියගේ මව මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්වේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 7ක දැරියක් සහ ඥාති පුද්ගලයෙකු වන 45 හැවිරිදි අයෙකි.

මෙම ඝාතන පුද්ගලික ආරවුලක් මත සිදු කර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශන වල දී අනාවරණය වී ඇති අතර සිද්ධිවට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දැරණියගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site