Home C Gossip ළමයින් ගෙදර තියා පාසල් ගිය දෙමව්පියෝ

ළමයින් ගෙදර තියා පාසල් ගිය දෙමව්පියෝ

489 views
SHARE

ළමුන් නිවෙස්වල තබා මව්පියන් පාසල් යාමේ පුවතක් ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා

ඇඹිලිපිටිය, කොළොන්න ප්‍රදේශයේ පාසලක අද(7) දිනයේ කිසිදු ළමයෙකු පාසල වෙත පැමිණ නොමැති අතර ඒ වෙනුවට මව්පියන් උදෑසනින්ම පාසල වෙත පැමිණ සිටි බව වාර්තා වේ.

එක ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් අධ්‍යපනය ලබන එම පාසලේ පවතින ගුරු හිඟයට විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් ඊට විරෝධය පළ කිරීම සඳහා මව්පියන් මෙම පියවර ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළා

මේ අතර මෙම සිද්දිය සම්බන්ධයෙන් අප ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කේ.ධනවර්ධන ගෙන් විමසීමක් සිදු කර සිටි අතර එහිදි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසා සිටියේ අදාළ පාසලට ඉංග්‍රීසි ගුරුවරයෙකුගේ පමණක් හිඟයක් පවතින බවයි .

එම විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සිදුකළ ඉංග්‍රීසි ගුරුවරිය සේවා අවශ්‍යතාව මත වෙනත් පාසලකට මාරු කර යවා ඇති බව සඳහන් කළ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මේ වන විටත් මෙම පාසලට ඉංග්‍රීසි ගුරුවරයෙකු ලබා දී ඇති බව ද පවසා සිටියා .

එහෙත් මේ දක්වා අදාළ ගුරුවරයා පාසලට පැමිණ නොමැති අතර ඉදිරි දින කිහිපයේ දී ඔහු එම පාසලේ රාජකාරි කටයුතු බාරගනු ඇති බව ද තමන් විශ්වාසය පළ කරන බව ද ඩබ්ලිව්.එම්.කේ.ධනවර්ධන අප සමඟ සඳහන් කළා .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site