Home News Breaking පාතාලයට ඉදිරියේදී කරන දේ ගැන පොලිස්පති කියූ කතාව

පාතාලයට ඉදිරියේදී කරන දේ ගැන පොලිස්පති කියූ කතාව

210 views
SHARE

පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි.

පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ, වව්නියාව පොලිස් ස්ථානයේ ඉදිකර ඇති සාම විහාරයේ ස්ථාපිත චෛත්‍ය රාජයාණන් වහන්සේගේ නිධන් වස්තු තැන්පත් කිරීමේ පිංකමට එක්වෙමිනි.

පොලිස්පතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ, නොබෝ දිනකින් පාතාල සාමාජිකයින් අත්අඩංගුවට ගන්නා බව යි.

පසුගිය දා කළුතරදී බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරයෙන් පාතාල නායකයෙකු ඇතුළු රැඳවියන් 5 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීහු පොලිස්පතිවරයාගෙන් විමසා සිටියහ.

එම සිද්ධියේදී එක් පාර්ශවයකට පමණක් දොස් පැවරිය නොහැකි බව ත් බන්ධනාගාර පාර්ශවයෙන් මෙන් ම පොලීසිය පාර්ශවයෙන් ද සාමුහිකව එහි වගකීම භාරගත යුතු බව පොලිස්පතිවරයා එහිදී පැවසුවා

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site