Home News Breaking මනුෂ්‍ය වර්ගයාගේ තිරසර පැවැත්ම රඳා පවතින්නේ කාන්තා ශක්තිය මතයි – ජනපති කියයි

මනුෂ්‍ය වර්ගයාගේ තිරසර පැවැත්ම රඳා පවතින්නේ කාන්තා ශක්තිය මතයි – ජනපති කියයි

255 views
SHARE

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වී ඇත්තේ “තුන්කල් දකින්නී – සවියෙන් දිනන්නී” යන්න යි.

මනුෂ්‍ය වර්ගයාගේ තිරසර පැවැත්ම රඳා පවතිනුයේ, සවිබල ගැන්වුණු කාන්තා ශක්තිය මත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරි වසර 15 තුළ අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති අභිමතාර්ථ අතරට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ සියලු කාන්තාවන් සහ දැරියන් සවිබල ගැන්වීම ඇතුළත් කර ඇති බවයි.

සාක්ෂරතාවයෙන් මෙන් ම ආයු අපේක්ෂාවෙන් ද පුරුෂයා ඉක්මවා සිටින කාන්තාව වර්තමානයේ මෙරට ආර්ථිකයේ වැඩිම බර දරන්නිය බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ලාංකීය කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් ගෘහස්ථ කටයුතුවලට සීමා වී සිටීම හේතුවෙන් මෙරට ශ්‍රම බලකායෙහි කාන්තා ප්‍රතිශතය වර්ධනය කිරීමට තවදුරටත් කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාතවරයා පෙන්වා දෙන්නේ, සෑම ක්ෂේත්‍රයකම කාන්තා දායකත්වයේ වර්ධනයක් දැකිය හැකි වුව ද, ඇයට සමාන හිමිකම්, ගරුත්වය සහ ඇගයීම ලැබෙන්නේ ද යන්න වගකීමෙන් සිතා බැලිය යුතු බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site