Home News Breaking බැඳුම්කර ගනුදෙනුවලදී අලාභයක් සිදුවී ඇත්නම් එම අලාභය අය කර ගත හැකියි –...

බැඳුම්කර ගනුදෙනුවලදී අලාභයක් සිදුවී ඇත්නම් එම අලාභය අය කර ගත හැකියි – නීතිපති කියයි

253 views
SHARE

බැඳුම්කර ගනුදෙනුවලදී ඊට කෙලින්ම සම්බන්ධ පාර්ශවයක් අලාභයක් කර ඇත්නම් රජයට එම පාර්ශවයෙන් අලාභය අය කර ගත හැකි බව නීතිපතිවරයා පවසනවා.

නීතිපතිවරයා මේ බව පවසන්නේ මහ බැංකු බැඳුම්කර පිළිබඳ කෝප් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා කළ විමසීමට පිළිතුරු ලිපියක් යොමු කරමින්.

කෝප් වාර්තා පිළිබඳව නීතිපතිවරයා එවූ ලිපිය කථානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එම ලිපියේ දැක්වෙන්නේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණයක් සිදු කිරීම සඳහා පොලිස් පැමිණිල්ලක් අත්‍යවශ්‍ය බවයි.

දැනටමත් මහ බැංකු අධිපතිවරයා එම පැමිණිල්ල සිදු කර ඇති බැවින් කඩිනම් විමර්ශනයක් කර කරුණු වාර්තා කරන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව නීතිපතිවරයා සඳහන් කර තිබෙනවා.

නීතිපතිවරයාගේ ලිපියේ දැක්වෙන්නේ, පාඩු අය කර ගැනීමට පෙර අධිකරණයක් ඉදිරියේ එය සාධාරණ අයුරින් ගණනය කළ යුතු බවයි.

එම ගණනය කිරීම් විගණකාධිපතිවරයා විසින් සිදු කළ යුතු බවත් ඊට විශේෂඥ සහය ලබා ගත හැකි බවත් නීතිපතිවරයා සඳහන් කර තිබෙනවා.

ඔහුගේ ලිපියේ වැඩි දුරටත් දැක්වෙන්නේ ප්‍රාථමික ගැනුම්කරුවන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට මහ බැංකුව සතුව නීතිමය ප්‍රතිපාදන ඇති බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site