Home News Breaking ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය වෙරළ ආරක්ෂක බලකායෙන් අත්අඩංගුවට

ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය වෙරළ ආරක්ෂක බලකායෙන් අත්අඩංගුවට

188 views
SHARE

ශ්‍රී ලාංකික ධීවරයින් 10 දෙනෙකු සමග යාත්‍රා 2ක් ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේනවා .

ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ලාල් ද සිල්වා පැවසුවේ, ඊයේ පස්වරුවේ පේදුරුතුඩුවට උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව යි .

ඉන්දීය මුහුදු සිමාව උල්ලංඝනය කරමින් මසුන් ඇල්ලීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

එක් යාත්‍රාවක ධීවරයින් පස් දෙනා බැගින් සිට ඇති බව ලාල් ද සිල්වා පැවසී ය.

ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් ඔවුන් මුහුදු ගොස් තිබුණේ, පසුගිය 3 වන දා ය.

මෙම යාත්‍රා මාතර සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල ධීවරයින්ට අයත් බව අනාවරණය වී තිබේ.

මේ අතර පෙරේදා සිදුවූ වෙඩි තැබීමකින් 22 හැවිරිදි ධීවරයෙකු මිය ගොස් ඇතැයි ඊයේ ඉන්දීය මාධ්‍ය වාර්තා කළා .

අදාළ ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ, කච්චතිව් දූපත ආසන්නයේදී එම වෙඩි තැබීම සිදුව ඇති බව යි .

තවත් ධීවරයෙකු ඉන් තුවාල ලබා ඇතැයි ද එම වාර්තා පවසයි.

කෙසේ වෙතත් එම වෙඩි තැබීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කරන ලදැයි යන චෝදනාව ඊයේ නාවික හමුදාව තරයේ ප්‍රතික්ෂේප කළා .

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ, කුඩා බෝට්ටුවල සිටි නාවිකයින් පිරිසක් වෙඩි තබන ලදැයි කෙරෙන ප්‍රකාශ පදනම් විරහිත බව යි

කෙසේ වුව ද අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා පළ වීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බව යි .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site