Home News Breaking දඹුල්ලේ මවුවරුන්ගේ උපත් පාලන සැත්කම් පිටිපස NGO එකක්?

දඹුල්ලේ මවුවරුන්ගේ උපත් පාලන සැත්කම් පිටිපස NGO එකක්?

494 views
SHARE

දරු ප්‍රසූතියෙන් පසු මවුවරුන්ට උපත් පාලන සැත්කම් සිදු කිරීම සඳහා බලපෑම් කළ බව කියන වෛද්‍යවරිය රත්නපුර රෝහලේ සිට දඹුල්ල රෝහලට මාරුවීම් ලැබ පැමිණ ඇත්තේ මෙයට සති දෙකකට පමණ ඉහත දී බවත් ඇය රත්නපුර රෝහලේ සේවය කරන කාලය තුළදීත් මේ ආකාරයේ බලපෑම් මවුවරුන්ට සිදුකළේ ද යන්න පිළිබඳව ද පරීක්ෂණ සිදුකරන බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම සඳහන් කරනවා.

දඹුල්ල රෝහලේ දරුවන් බිහි කළ මවුවරුන්ට ටිකට් කපා රෝහලින් පිටව යාමට නොදී ඔවුන්ට උපත් පාලන සැත්කම් සිදුකර ගන්නා ලෙස බලපෑම් කළ බවට අදාළ වෛද්‍යවරියට චෝදනා එල්ලවීමෙන් පසු මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහගේ මෙහෙයවීමෙන් මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද සහාය ඇතිව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව ද ඔහු කියා සිටියා.

මධ්‍යම පළාත් සභා මාසික රැස්වීමෙන් අනතුරුව ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු වෛද්‍යවරිය වැරදිකාරිය වුවහොත් ඒ සම්බන්ධයෙන් දඬුවම් ලබාදීමේ හැකියාව ඇත්තේ මධ්‍යම රජයට බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

උපත් පාලන සැත්කම් කළ යුත්තේ සැමියා හා බිරිඳ යන දෙදෙනාගේම කැමැත්ත මත බවත් ඒ සඳහා බලපෑම් කරන්නට කිසිදු වෛද්‍යවරයකුට නොහැකි බවත් කී ඔහු මෙවැනි ක්‍රියා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවා අවධානයට පාත්‍රවිය යුතු බව ද කියා සිටියා.

රාජ්‍ය නොවන සංවිධානයක් මේ පසුපස සිටියේ ද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතුව තිබෙන බවයි මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ස්ථිර උපත් පාලන සැත්කම් මෙන්ම තාවකාලික උපත් පාලන ක්‍රමද පවතින බවත් මේ සෑම උපත් පාලන ක්‍රමයක්ම ක්‍රියාත්මක කළ යුත්තේ අඹු සැමියන් ඒ සම්බන්ධව දැනුවත් කර බවයි අමාත්‍ය බන්දුල යාලේගම සඳහන් කලේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site