Home News Sports ටෙස්ට් තරගය එක්දින තරගයක් වෙයි – කුසල් හා අසේල පිටිය දෙවනත් කරයි

ටෙස්ට් තරගය එක්දින තරගයක් වෙයි – කුසල් හා අසේල පිටිය දෙවනත් කරයි

833 views
SHARE

බංග්ලාදේශය සමග පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ වැඩි වාසි හිමිවුණේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් රංගන හේරත් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබුවා.

දිමුත් සමගින් තරංග ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කල නමුත් ඔවුනට වැඩි වෙලාවක් පිටියේ රැදෙන්නට බංග්ලාදේශ ක්‍රීඩකයින් අවස්ථාවක් සැලසුවේ නෑ.

තරංග ලකුණු 04කටත් දිමුත් ලකුණු 30කටත් දැවී ගියා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 5 කට දැවී ගියේ මුස්ටෆිසුර් රහමන්ගේ පන්දුවක් හමුවේයි.

අනතුරුව සිව්වන කඩුල්ල සදහා ලකුණු 196 ක අති විශිෂ්ට සබඳතාවක් ගොඩ නගන්නට කුසල් මෙන්ඩිස් සහ අසේල ගුණරත්න සමත් වුණා.

අසේල ලකුණු 85 යි. තම දෙවන ටෙස්ට් ශතකය ලකුණු 150 සීමාව ඉක්මවා ගොඩනැගූ කුසල් මෙන්ඩිස් දිනය අවසන් වනවිට නොදැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 166 ක්.

ඔහුගේ ඉනිම හතරේ පහර 18 කින් සහ හයේ පහර 2 කින් වර්ණවත් වුණා.

නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 14 යි.

ඊයේ දිනයට තරගය නතර කරනවිට ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ඉනිමට කඩුලු 4 ක් දැවී ලකුණු 321 ක් ලබා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site