Home News Breaking කොළඹ සරසවියේ ගැටුමක් – සිසුන්ට ශාස්ත්‍ර පීඨය තහනම්

කොළඹ සරසවියේ ගැටුමක් – සිසුන්ට ශාස්ත්‍ර පීඨය තහනම්

305 views
SHARE

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය දෙවන, තුන්වන සහ සිව්වන වසරවල සිසුන්ට තහනම් කර ඇති බව එහි පීඨාධිපති මහාචාර්ය අතුල රණසිංහ පවසනවා.

මෙම සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ ඇතිවූ ගැටුමකින් පසුව මෙම තීරණය ගත් බවයි පීඨාධිපතිවරයා සඳහන් කළේ.

කොළඹ විශ්වවිද්‍යාලයට අයත් බොරැල්ල – ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සිසු නේවාසිකාගාරයක ඊයේ රාත්‍රියේ ගැටුමක් ඇතිවුණා.

එහිදී තුවාල ලැබූ සිසුන් හතරදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් අනතුරුව නේවාසිකාගාරය තාවකාලිකව වසා දැමූ බවයි බොරැල්ල පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

බොරැල්ල පොලීසිය මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site