Home C Gossip “තව ටික දිනකින්” ජීවිතයෙන් සමුගන්නා බව කියූ පුංචි පුතා

“තව ටික දිනකින්” ජීවිතයෙන් සමුගන්නා බව කියූ පුංචි පුතා

2,043 views
SHARE

“මේ ආත්මයෙන් මම යන්න යනවා. මම තව ටික දවසයි ජීවත් වෙන්නේ. මම දිව්‍ය ලෝකෙ යනවා. මේක ඇත්තටම අපායක්‌. අපි හොඳ වැඩ කරමු. හොඳ ළමයෙක්‌ වෙමු.”

3 වසර පන්තියේ වයස අවුරුදු 8 ක්‌ වන කුඩා දරුවෙකුට මෙවන් සිතුවිලි පහළ වී ඒවා තම නිවසේ ඇඳ අසල බිත්තියේ පාට කුරුවලින් ලියා තබා ඊට දින හතකට පමණ පසු සියලු දෙනා කම්පාවට පත් කරමින් හදිසි අනතුරකින් මියයැම කෙතරම් දෛවෝපාගත සිද්ධියක්ද ?

අකුරැස්‌ස තිබ්බොටුවාව කනිෂ්ඨ විද්‍යාලය අසල අංක 26, සාගර නිවසේ පදිංචි තිබ්බොටුවාව කනිෂ්ඨ විද්‍යාලයේ 3 වසරේ ඉගෙනුම ලැබූ පුංචි ටී. කේෂර වනමන්ත මිත්සුකු (8) පවුලේම සුරතල් දඟකාර දරුවායි.

පසුගිය පළමු වැනිදා කුඩා මිත්සුකු පාසලට ගොස්‌ එදා අපූරු හැසිරීම් රටාවක්‌ පෙන්නුම් කළද, එය කිසිවෙකුට අදහා ගත නොහැකි විය. එනම් අද මම මඟුල් ගෙදරක යනවා. මම ආයෙ එන්නේ නෑ. සියලුම ගුරුවරුන්ටත් කියා වැඳ ඔහුගේ යහළුවන්ටද කියා මම මඟුල් ගෙදර යනවා. මම ආයේ එන්නේ නෑ. කියා ඇති අතර, පාසල ඇරී පාසලේ ගේට්‌ටුව අසලට පැමිණ ආනේ තව යාළුවෝ දෙන්නෙකුට කියන්න බැරි වුණා. ඒ දෙන්නාටත් කියලා එන්න ඕන. නැවතත් පාසලට ගොස්‌ ඒ යහලුවන් දෙදෙනාටද මඟුල් ගෙදර යන බව පවසා තම නිවසට ආවේ තම ජීවිතයේ අවසන් දින කිහිපය පමණක්‌ ගත කරන බව ඔහුට හැඟී ගියා නිසාවෙන් බව බොහෝ දෙනා පවසනවා.

පළමු වන දින සවස පවුලේ මවත් පියාත් පුංචි මිත්සුකත්, ඔහුගේ සහෝදරයාත්, මාතර තිබූ මඟුල් ගෙදර ගියේ බොහෝම ප්‍රීතියෙන්. එසේ ගොස්‌ මඟුල් සතුට සමරා රාත්‍රි නැවත අකුරැස්‌සේ තම නිවසට එන අතරතුර, කිසිවෙකු නොසිතූ, නොපැතූ අයුරින් ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය අනතුරකට ලක්‌ වුණ.

එහිදී ඔහුගේ පවුලේ සියලු දෙනා (මව, පියා, සහෝදරයා) බරපතළ තුවාල ලබා ගාල්ල හා මාතර මහ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

පුංචි මිත්සුක දින කිහිපයක්‌ ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඉතා අවාසනාවන්ත ලෙස 5 වැනිදා ඔහු ජීවිතයෙන් සමුගත්තා.

තමන්ගේ ජීවිතයෙන් සමුගන්නා බව කල්ඇතුව දැනගත් බව වැටහී ඔහුගේ නිවසේ බිත්තියේ ඒ බව ලියා කොළවලින් වසා තබා තිබු අතර, ඔහු මියගිය පසු එම බිත්තියේ තිබුණු කොළ කෑලි ඉවත් කිරීමෙන් ඔහු විසින් ලියන ලද වදන් දැකීමෙන් සියල්ලන්ගේ නෙත් කඳුලින් පිරී ගියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site