Home News Sports තමීම් ඇත්තටම දැවීගියේ මොලේ අමාරුවක් නිසාද මෙන්න කථාව – VIDEO

තමීම් ඇත්තටම දැවීගියේ මොලේ අමාරුවක් නිසාද මෙන්න කථාව – VIDEO

343 views
SHARE

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අවසන් වූයේ ඊයේ (8) බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 133 ක් රැස්කරගෙන සිටියදියි.

එහිදී කැපීපෙනෙන ඉනිමක් ක්‍රීඩාකළ බංගලාදේශ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් ලකුණු 57 ක් රැස්කරමින්, සෞමය සකාර් සමගින් එක්ව පළමු කඩුල්ලට ලකුණු 113 ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුනා.

මෙහිදී තමීම් ඉක්බාල් දැවී ගිය ආකාරය සම්බන්ධයෙන්, ක්‍රිකට් විචාරකයන්ගේ අවධානය යොමුවූ අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේදී බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ කියාසිටියේ තාවකාලිකව මොළය අක්‍රියවීම (Brain Fade) නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවන්න්නට හැකි බවයි.

එහිදී කරුණු දැක්වූ බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ වැඩිදුරටත් කියාසිටියේ

“මට ඔහු සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව තවම හිමිවුණේ නැහැ. ඔබ දන්නවා ද ක්‍රිකට් ක්ෂේත්‍රයේ මේ දිනවල ජනප්‍රියම යෙදුම ? “බ්‍රේන් ෆේඩ් ” (තාවකාලිකව මොළය අක්‍රියවීම -Brain Fade) මම හිතන්නෙ මේකත් ඒවගේ අවස්ථාවක්. මම ඉතා කණගාටුවනවා ඔහු දැවී ගිය ආකාරය ගැන. අප හොඳ ස්ථාවර ස්ථානයක පසුවුණා. අපට අභියෝගයක් තිබුණෙ නැහැ එම අවස්ථාවේදී. මම ඇත්තෙන්ම සතුටු වුණා තමීම් පන්දුවට පහරදුන් ආකාරය ගැන. නමුත් අවාසනාවන්ත ලෙස ඔහු එම අවස්ථාවේදී සිතන්න ඇති පන්දුව කඩුලු රකින්නා පසුකර ගිය බවට. මට එය පෙන්වා දිය හැක්කේ, “බ්‍රේන් ෆේඩ් ” අවස්ථාවක් ලෙසයි.”

එම වීඩියෝව පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site