Home News Breaking නාවික හමුදා නිලධාරීන් 05කු CID යට

නාවික හමුදා නිලධාරීන් 05කු CID යට

269 views
SHARE

කොටහේන ප්‍රදේශයේ දෙදෙනකු පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට නාවික හමුදා නිලධාරීන් පස් දෙනෙකු ලබන 14 වැනිදා සිට 28 වැනිදා දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි අද (09) නාවික හමුදාපතිවරයාට නියෝගයක් නිකුත් කළා.

මෙම සිද්ධියට හිටපු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියා 23 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමටයි නියෝග කළේ.

වසර අටකට ඉහතදී වැල්ලම්පිටිය බලා වෑන් රථයකින් ගමන් කරමින් සිටි කොටහේනේ පදිංචිකරුවන් දෙදෙනකු පැහැරගෙන ගොස් තිබෙනවා.

එහි විමර්ශනයට අදාළව වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කළ මෙම නිළධාරින්ගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගත යුතු බවට රහස් පොලීසිය අධිකරණයට දන්වා තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site