Home News Breaking බැංකුවක් අසල බෝම්බයක් පිපිරීමෙන් ආරක්ෂක නිලධාරියාට බරපතලයි

බැංකුවක් අසල බෝම්බයක් පිපිරීමෙන් ආරක්ෂක නිලධාරියාට බරපතලයි

303 views
SHARE

ගලේවෙල නගරයේ පිහිටි පුද්ගලික බැංකුවක පිටුපස ප්‍රදේශයේ ආරක්ෂක නිලධාරියකු රැදී සිටි කුටියක අද (9) දින අළුයම අත්බෝම්බයක් පුපුරා ගොස් කාමරයේ රැදී සිටි ආරක්ෂක නිලධාරියා බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇතිබව ගලේවෙල පොලීසිය සඳහන් කළා.

මෙසේ තුවාල ලබා ඇත්තේ එම බැංකුවේ රාත්‍රී සේවා මුරය සිදුකළ ආරක්ෂක නිලධාරි ගාමිණි වික්‍රමසිංහ (49) නැමැති අයෙක්.

අළුයම 4.10ට පමණ මෙම පිපිරිම සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

බැංකුවේ විදුලි උත්පාදන යන්ත්‍රය සමඟ ආරක්ෂක කුටිය එකට පිහිටා තිබෙනවා.

කවුරුන් විසින් මෙය සිදුකළේද යන්න මෙතෙක් හෙළිවී නෑ .

බෝම්බ ප්‍රහාරයත් සමඟ තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා පොලීසිය විසින් ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දඹුල්ල රෝහලට මාරු කර එවූ බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site