Home News Breaking වසර දෙකකට පසු නැවතත් කැඩෙට් නිලධාරියාගේ සිරුර ගොඩ ගන්නේ ඇයි ?

වසර දෙකකට පසු නැවතත් කැඩෙට් නිලධාරියාගේ සිරුර ගොඩ ගන්නේ ඇයි ?

474 views
SHARE

දියතලාව යුද හමුදා කඳවුරේදී ගෙල වැළලාගෙන මිය ගියැයි යුද හමුදාවෙන් කී ආධුනික කැඩෙට් නිලධාරියාගේ සිරුර දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා වසර දෙකකට පසු ලබන සඳුදා (13) යළි ගොඩ ගන්නා බව රහස් පොලිසිය සඳහන් කරනවා.

කොළඹ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන්, අධිකරණ වෛද්‍ය විශේෂඥ එම් පී හේවගේ සහ රාගම අධිකරණ වෛද්‍ය විශේෂඥ හඳුන් විජේවර්ධන යන අය දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

ලහිරු රංජන ප්‍රනාන්දු නම් එම කැඩෙට් නිලධාරියාගේ සිරුර තැන්පත් කර ඇති වැලිවේරිය සුසාන භූමියට අද (10) සිට පොලිස් ආරක්ෂාව යොදවන බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයකු වන ලහිරු රංජන 2015 ජුනි මාසයේදී දියතලාව කඳවුර තුළදී මිය ගියා.

මෙය සිය දිවි හානි කර ගැනීමක් බව යුද හමුදාව කියා තිබුණද මෙම සිදුවීමේදී අපරාධයක් වී ඇතැයි මරණ පරීක්ෂණයේ සාක්කි විභාගයෙන් පසු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site