Home News Breaking අධ්‍යාපන චාරිකාවක් ගිය පාසල් සිසුවියක් කාලතුවක්කුවකට සිරවී රෝහලට

අධ්‍යාපන චාරිකාවක් ගිය පාසල් සිසුවියක් කාලතුවක්කුවකට සිරවී රෝහලට

321 views
SHARE

අධ්‍යාපන චාරිකාවක් අතරතුරදී ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ කාලතුවක්කුවකට සිරවී අනතුරට පත්වූ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයයේ නව වැනි ශ්‍රේණියේ දැරියක දින තුනක් තිස්සේ ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ගම්පහ සිට ත්‍රිකුණාමලයට පාසලෙන් අධ්‍යාපන චාරිකාවකට ගිය සිසුවියන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ කෞතුකාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වී තිබෙනවා.

ඒ අවස්ථාවේ එහි තිබූ විෂාල කාලතුවක්කුවක් තවත් සිසුවියන් පිරිසක් විසින් තල්ලු කරද්දී එක් සිසුවියක ඊට සිරවූ බවත් පසුව එම සිසුවිය ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කල බවත් සඳහන්.

ඇගේ අක්මාවට හා අස්ථිවලට සුළු තුවාල සිදුවී තිබෙන බව ස්කෑන් පරීක්ෂණයෙන් අනාවරණය වූ නිසා නේවාසිකව ප්‍රතිකාර ලබා දුන් බවයි ත්‍රිකුණාමලය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුෂා රාජ්මෝගන් ප්‍රකාශ කළේ.

නාවික හමුදාවේ නොසැලකිල්ල නිසා මෙය සිදුවූවක් නොවන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක චමින්ද වලාකුළුගේ සඳහන් කලේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site