Home News Breaking විෂබීජයක් හේතුවෙන් වතුපිටිවල මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකය වසයි

විෂබීජයක් හේතුවෙන් වතුපිටිවල මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකය වසයි

286 views
SHARE

වතුපිටිවල මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දැමීමෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

එහි සභාපති ගාමිණි කුමාරසිංහ පැවසුවේ විෂබීජයක් පැතිර යාම හේතුවෙන් දින කිහිපයක් තිස්සේ දැඩි සත්කාර ඒකකය වසා දමා ඇති බවයි.

වතුපිටිවල මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය සිසිර විජේසුන්දර පැවසුවේ විෂබීජයක් පැතිර යාම මත රෝගින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මීට දින කිහිපයකට පෙර දැඩි සත්කාර ඒකකය වසා දැමීමට පියවර ගත් බවයි.

දැඩි සත්කාර ඒකකය ජිවානුහරණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර තවත් දින දෙකකින් පමණ එය විවෘත කිරීමට හැකිවනු ඇති බව වෛද්‍ය සිසිර විජේසුන්දර වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site