Home C Gossip පොලිස් නිලධාරීන්ට ආලකම් පාන්න ගිහින් වැඩ වරදියි

පොලිස් නිලධාරීන්ට ආලකම් පාන්න ගිහින් වැඩ වරදියි

743 views
SHARE

පොලිස් නිලධාරීන්ට දුරකථන ඇමැතුම් ලබා දෙමින් විවිධාකාරයේ අදහස් ප්‍රකාශ කරමින් සබඳතා පැවැත්වීමට උත්සහා කල කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඌරුබොක්ක ‍පොලීසිය එම කාන්තාව මොරවක මහේස්ත්‍රාත් ජානක සමරසිංහ හමුවට පැමිණවීමෙන් පසු පෙබරවාරි 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.

මෙම කාන්තාවගේ SMS පණිවුඩ නිසා නිලධාරීන්  බලවත් අපහසුතාවයට පත් වූ නිසා පසුගිය ජනවාරි 28 වන දින ඇය සහ මව ‍පොලීසියට කැඳවා  තදින් අවවාද කර පිටත් කර හැරි බව පොලීසිය පවසනවා.

පසු ගිය දිනක මෙම කාන්තාවගෙන් 119 ඇමතුම් මධ්‍යස්ථානයට  ඇමතුම් 11 ලබා දී අසත්‍ය තොරතුරු පැවැසීම නිසා ඇය ‍පොලිස් අත්අඩංගුවට ගෙන “රජයේ නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම” යන චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

අදාල කාන්තාව විවාහක කාන්තාවක් බවත් පුරුෂයා පදිංචි නිවසේ නොසිට මවගේ ගෙදර පැමිණ සිටින ඇය වයස අවුරුදු 24 ක කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

ඌරුබොක්ක ‍පොලීසියේ වැඩබලන ස්ථානාධිපති සනත් කුමාරගේ උපදෙස් පරිදි කාන්තා ‍පොලිස් කොස්තාපල් 520 ගීතිකා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.