Home News Breaking කච්චතිවු වාර්ශික දෙව මන්ගල්‍ය ඉන්දියානුවෝ මගහරියි – PHOTOS

කච්චතිවු වාර්ශික දෙව මන්ගල්‍ය ඉන්දියානුවෝ මගහරියි – PHOTOS

209 views
SHARE

කච්චතිවු ශාන්ත අන්තෝනි දේව මැදුරේ වාර්ෂික මංගල්‍ය අදින් ආරම්බවිය.

මේවරත් නාවික හමුදාවේ සහයෝගයෙන් සිදු කෙරේන මෙම දේව මන්ගල්‍ය සදහා දකුණු ඉන්දීය ධිවර ජනතාව 5,000ක පිරිසක් සහබාගි විමට සිටි නමුත් පසුගිය දිනක අැති වු ඉන්දු ශ්‍රි ලංකා ධීවර ප්‍රශ්නය හෙතුවෙන් එම පිරිසට මේම දේව පුජාවට සහභාගිවීමට ඉඩ ප්‍රස්තාව උදාවි තිබුනේ නැහැ.

උතුරු පළාත් මහ ඇමති විශ්නෙශ්වරන්, ආණ්ඩුකාර රේජිනොල්ඩ් කුරේ, අගරදගුරු මැල්කම් පියතුමා ඇතුළු තවත් දේශපාලන නායකයින් සහ දෙස් විදේස් ජනතාව සහබාගිවන මෙම දේව පුජාව සදහා ඉන්දියාවෙන් පැමිනිමට සිටි පුජක තුමාද නොපැමිනි බව සදහන්.

පළමු දේව මෙහෙය පෙ.ව 6.30 සිදු කෙරුණු අතර දේව මෙහෙයේ මෙවර විශේෂත්වය වන්නේ නැවත දේවස්ථානය ප්‍රතිසංස්කරණ කිරීමෙන් පසුව පවත්වන පළමු මංගල්‍ය මෙය වීමයි.

තවද යාපනය අගරදගුරු ජන්ස්ටින් ඥාප්‍රකෂ්, නාවිකහමුදාපති රවින්ද්‍ර විජේගුණතිලක, යාපන දිස්ත්‍රික් අනුනායක පි ජේ ජෙබරත්නම් එම අවස්ථාවට එක්වේ.

මෙවර ශාන්ත අන්තෝනි දේව මදුර ප්‍රතිසංස්කරණ වන්නේද බිෂොප් ජස්ටින් ගනප්‍රකාශ් පියතුමාගේ ඉල්ලීමට අනුව වීමත් මාස 6 ක් වැනි කෙටි කාලයක් ඇතුලතදී නාවික හමුදාව මෙය ප්‍රතිසංස්කරණය කර 2016 සැත්තැම්බර් 23 රෝමානු කතෝලික සභාවට භාර දීමට කටයුතු කර ඇත.

අහාර, පානීය ජලය , සියලු යටිතල පහසුකම් පැමිණෙන ජනතාවට නාවික හමුදාව නොමිලේ සපයයි.

ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 1.15 ප්‍රමාණයක පිහිටා ඇති කච්චතිවු ඩෙල්ෆ් දුපතේ සිට කිලෝමීටර් 20 ක දුරින් කච්චතිවු දුපත පිහිටා ඇත.

ඉන්දීය ජනතාව මෙහි පැමිණීම සදහා 5,000 පමණ මෙවර ලියාපදිංචිවී ඇතත් පසුගියදා නාවික හමුදාව සමග ඇතිවූ ගැටලුව මුලික කර ගනිමින් ඉන්දීය ජනතාව මෙවර වර්ජන කිරීම සුදානමක් ඇති බව ඉන්දීය මාධ්‍ය මීට පෙර වාර්තා කොට තිබුනි.

C News අශ් වරු කච්චතිවු සිට

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site