Home News Breaking අයිස් ක්‍රීමි වෙළඳුන් දෙදෙනෙක් බහින් බස් වී එක් අයෙක් මරුට

අයිස් ක්‍රීමි වෙළඳුන් දෙදෙනෙක් බහින් බස් වී එක් අයෙක් මරුට

279 views
SHARE

හැටන් නගරයේ උත්සව ශාලාවක අයිස් ක්‍රීමි වෙළදාමේ යෙදුනු වෙළදුන් දෙදෙනෙක් අතර අද (06) පස්වරුවේ ඇති වු ගැටුමකින් එක් වෙළෙන්දෙක් මියගොස් ඇති බව හැටන් පොලිසිය පවසනවා.

එම උත්සව ශාලාවේ අද (06) විවහා මංගල උත්සවයක් පැවති අතර එම විවහා උත්සවයේ අයිස් ක්‍රීමි වෙළඳාමේ  නිරත වු එක් වෙළෙන්දෙක් වෙළදාම් කරමින් සිටි අවස්ථාවේ එම ස්ථානයට හැටන් ප්‍රදේශයේම පදිංචි තවත් අයිස් ක්‍රීමි වෙළෙන්දෙක් වෙළදාම් සදහා පැමිණ ඇති අතර පසුව ඔවුන් දෙදෙනා අතර බහින් බස්විමක් විමක් ඇති වි පසුව ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.

එම ගැටුම අතරතුර එක් වෙළෙන්දෙක් උත්සව ශාලාවේ පියගැට පෙළ මතින් පහළට ඇද වැටි එම ස්ථානයේම මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ හැටන් සමනළගම ප්‍රදේශයේ පදිංචි එස්. තංගරාජ් නැමැති හැටපස් හැවිරිදි  (65) තිදරු පියෙක්.

ඔහුගේ සිරුර දික්ඔය මුලික රෝහලේ තැන්පත් කර ඇති අතර අනෙක් අයිස් ක්‍රීමි වෙළෙන්දා සැකපිට හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබදව හැටන් පොලිසිය පරික‍ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.