Home News Breaking වැලිපැන්නේ අනතුරක් – පාසල් සිසුන් දෙදෙනෙක් ජීවිතක්‍ෂයට

වැලිපැන්නේ අනතුරක් – පාසල් සිසුන් දෙදෙනෙක් ජීවිතක්‍ෂයට

237 views
SHARE

වැලිපැන්න මීගම ප්‍රදේශයේ අද (6දා) දහවල් ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් ඇති බව වැලිපැන්න පොලීසිය සඳහන් කළා.

මීගම තොටුපොළ පාරෙන් පැමිණි ත්‍රිරෝද රථයක් මීගම -5කණුව ප්‍රධාන මාර්ගයට පිවිසීමේදී පාලනය කරගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය පැවසුවේ.

වැලිපැන්න පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.