Home News Breaking මැදින් පුර පසළොස්වක් පොහොය දින ශ්‍රී දළඳා මාලිගාවේ “ඒක දන්ත හස්තියා” මියයයි...

මැදින් පුර පසළොස්වක් පොහොය දින ශ්‍රී දළඳා මාලිගාවේ “ඒක දන්ත හස්තියා” මියයයි – PHOTOS

490 views
SHARE

ශ්‍රී දළඳා මාලිගාවේ ඒක දන්ත හස්තියා අද පස්වරුවේ මියගියා. ඒ හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන්.

මිය යනවිට හස්තියාගේ වයස අවුරුදු 47යි.

අප කළ විමසීමකදී ශ්‍රී දළඳා මාලිගාවේ ඇතුන් භාරව සිටින ප්‍රදීප් ලියනපලාව‍ පැවසුවේ ඊයේ සවස සිට හස්තියා ආහාර නොගෙන සිටි බවයි.

පසුව හස්තියාට වෛද්‍ය අශෝක දංගොල්ල විසින් ප්‍රතිකාරද කල බව වාර්තා වනවා.

1978 විමලා කන්නන්ගර විසින් ශ්‍රී දළඳා මාලිගාවට මෙම හස්තියා පූජා කර තිබෙන බව ප්‍රදීප් ලියනපලාව‍ සඳහන් කළා.

ශ්‍රී දළඳා මාලිගාවේ කරඬුව පෙරහැරේ රැගෙන යාමට ඇතුන් අඩුපාඩු ඇති සෑම අවස්ථාවකදීම මෙම ඒක දන්ත හස්තියා විසින් කරඬුව රැගෙන ගොස් තිබෙන බවයි ප්‍රදීප් ලියනපලාව‍ වැඩි දුරටත් පැවසුවේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site