Home News Breaking ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද නිලධාරීන් වර්ජනයේ

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද නිලධාරීන් වර්ජනයේ

252 views
SHARE

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද පෙරවරුවේ සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට රජයේ රෝහල්වල හෙද නිලධාරීන් තීරණය කර තිබේනවා .

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ, සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද උදෑසන 7 සිට ලබන බදාදා දක්වා ක්‍රියාත්මක කෙරෙන බව යි .

දිවයින පුරා රජයේ රෝහල්වල සියලු හෙද නිලධාරීන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටින බව උන්වහන්සේ සඳහන් කළා .

අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සහය නොදැක්වීමට තවත් හෙද වෘත්තීය සමිති දෙකක් වන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය තීරණය කර තිබේනවා .

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ ඇතැම් වෘත්තීය සමිති තම ක්‍රියාමාර්ගය කඩා කප්පල් කිරීමට කටයුතු කරමින් සිටින බව යි .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site