Home News Politics ආණ්ඩුව,විපක්ෂය හා බටහිර රටවලත් උවමනාව එකම කාරණයක්

ආණ්ඩුව,විපක්ෂය හා බටහිර රටවලත් උවමනාව එකම කාරණයක්

284 views
SHARE

දෙමළ ජාතික සන්ධානය, ආණ්ඩුව හා බටහිර රටවල් බොහෝමයකගේ උවමනාව වී ඇත්තේ එකම කාරණයක් බවත් එය ළඟා කර ගැනීමට ඔවුන් විවිධ භූමිකා රඟදක්වන බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රකාශක මොහමඩ් මුසම්මිල් චෝදනා කරයි.

අද (14) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

පසුගිය දා දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයින් විසින් ජිනිවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවත් එහිදී ප්‍රධාන කාරණා 3 ක් පිළිබඳ අනාවරණය කර තිබු අතර එහිදී 2015 ඔක්තෝම්බර් 1 දා මානව හිමිකම් යෝජනාව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කඩිනමින් යොමු විය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයක් ලංකාව තුළ ස්ථාපිත කළ යුතු බවත් එසේ කටයුතු නොකරන්නේ නම් අන්තර් ජාතික නීතිය යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කළ යුතු බව ද ඔවුන් එහිදී පවසා සිටිය බව මුසම්මිල් වැඩි දුරටත් කියා සිටියේ ය.

අය වැය සම්මත කර ගැනීමට, මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් පන්නා දැමීමට යන සියලු කාරණා සඳහා දෙමළ ජාතික සන්ධානය රජයට සහය දක්වන බවද මුසම්මිල් මෙහිදී කියා සිටියේ ය.

මේ අතර සයිටම් අර්බුදය සම්බන්ධයෙන් එය ජනසතු කරනවා ද නැතිනම් එහි ප්‍රමිතිය නඟා සිටුවා එය විදෙස් විශ්වවිද්‍යාලයක් ලෙස පිළිගැනීමක් සිදු කරනවාද යන්න තීරණය කළ යුත්තේ රජයම බවත් එය සිදු නොකර අනෙකුත් දේශපාලන ප්‍රශ්න වැසීම සඳහා සයිටම් භාවිතා කරමින් සිටින බව ද මුසම්මිල් තව දුරටත් පැවසීය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site