Home News Breaking “සෝමාලි මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නෞකාව මෙරට ලියාපදිංචි කර නෑ”

“සෝමාලි මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නෞකාව මෙරට ලියාපදිංචි කර නෑ”

282 views
SHARE

සෝමාලි මුහුදු කොල්ලකරුවන් පැහැරගත් බවට වාර්තා වූ ඉන්ධන නෞකාවේ ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකු සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා. එමෙන්ම අදාළ නෞකාව සම්බන්ධයෙන් සොයා බැලීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ.

අදාළ නෞකාව මෙරට ලියාපදිංචි කර නැති බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

මෙය ඩුබායි සමාගමකට අයත් නෞකාවක් වනවා. නැව හා නාවිකයන් නිදහස් කර ගැනීම සඳහා යුරෝපා සංගමයේ නාවික හමුදාව විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

සෝමාලියා මුහුදු තීරය ආසන්නයේදී පැහැර ගැනීමට ලක්වූ “අරිස් – 13” නමැති මෙම නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම සඳහා අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ශ්‍රී ලංකා නැව් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් වික්‍රම සෙනෙවිරත්න සඳහන් කරනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site