Home News Breaking රෝද තුනක් උඩ ජිවිතේ ගෙවන තරුණයෝ ගැන ඇමති කියූ කතාව

රෝද තුනක් උඩ ජිවිතේ ගෙවන තරුණයෝ ගැන ඇමති කියූ කතාව

591 views
SHARE

ලංකාවේ තරුණයින් ලක්ෂ එකොළහක් පමණ ත්‍රිවිලර් රස්සාව සිය ජීවනෝපාය බවට පත්කරගෙන ඇති බව කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර පැවසුවා . අමාත්‍යවරයා මේ බව පැවසුවේ බදුල්ල-ඌව පරණ ගම ප්‍රදේශයේ පැවැති රැකියා පොලකට සහභාගි වෙමිනි.

ඌව පරණගම ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා ලබාදීම සඳහා අඹගස්දෝව ජනාධිපති විද්‍යාලයේ පැවැති මෙම රැකියා පොල සංවිධානය කර තිබුණේ කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය යටතේ ඇති මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව මගිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ,

පාසැල් හැර ගිය තරුණයන් ලක්ෂ එකොළහක් පමණ අපේ රටේ මේ වෙන කොට ත්‍රිවිලර් රස්සාව තොරාගෙන තිබෙන බව සමීක්ෂණ වාර්තාවලින් වාර්තාවන බවත් මේ අයගෙන් බහුතරයක් උසස් පෙළ සමත් වෙච්ච අය වගේම ඇතැම් අය ඒ සාමාර්ථ තුන ගත්ත අයයි. මෙවැනි තරුණ පිරිසක් හන්දි ගානේ රස්තියාදු ගහන එක ගැන රටක් විදිහට අපි කණගාටු විය යුතු කාරණයක් මෙන්ම මේ පිරිස රටේ සංවර්ධන ක්‍රියා වලියට දායක කරගන්නත් අපි අසමත් වෙලා තියෙනවා. ලක්ෂ එකොළහක පමණ තරුණ පිරිසක් රෝද තුනක් උඩ ජීවිතයේ හොඳම කාලය ගෙවා දැමීම රටේ ඉදිරි ගමනට විශාල පාඩුවක්.

මේ කාරණය අපේ ආණ්ඩුව හොඳින් තේරුම් අරගෙන තියෙනවා . දැන් අපි සැළසුම් සකස් කරල තියෙනවා අපේ රටේ උගත් තරුණ තරුණියන් රටේ සංවර්ධනයට දායක කර ගැනීමට. රැකියා දස ලක්ෂයේ වැඩසටහන අනුව ඒ කටයුතු සිදුවෙන බව මම මෙහිදී ප්‍රකාශ කරන්න කැමතියි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site