Home News Breaking සෝමාලියානු කොල්ලකරුවන් ගෙන් නෞකාව මුදා ගැනීමට ඇවන්ට් ගාර්ඩ් සුදානම්

සෝමාලියානු කොල්ලකරුවන් ගෙන් නෞකාව මුදා ගැනීමට ඇවන්ට් ගාර්ඩ් සුදානම්

375 views
SHARE

සෝමාලියානු මුහුදු තීරයේදී පැහැරගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාව මුදාහැරීමට කොල්ලකරුවන් කප්පම් ඉල්ලා සිටින බව යුරෝපා සංවිධානයේ මුහුදු කොල්ලකෑම් විරෝධී මෙහෙයුම නිවේදනය කරයි.

ආයුධ සම්පන්න පිරිසක් නෞකාවේ සිටින බවට පැහැරගැනීමට ලක්වූ කොමරෝස් ධජය සහිත Aris 13 නම් නෞකාවේ ප්‍රධානියා යුරෝපා සංවිධානයේ එම මෙහෙයුම සමග ප්‍රකාශ කර තිබේ. මෙම පැහැරගැනීම සෝමාලියා මුහුදු තිරයේදී 2012න් පසු පැහැරගත් විශාලම වාණිජ නෞකාව යි.

මේ අතර ආණ්ඩුව ලිඛිත ඉල්ලීමක් කළහොත් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් සමඟ ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට සාකච්ඡා කළ හැකි බව ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම්ස් හි සභාපති නිශ්ශංක සේනාධිපති පවසයි.

වසර 2012 දී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ වැඩිම තර්ජන තිබූ කාලයේදී, එක්සත් ජාතීන්ගේ හමුදා පවා එම කොල්ලකරුවන් සමඟ ගැටුමට පසු බැස සිටි අස්ථාවේ ලාංකික ආරක්ෂක සාමාජිකයන් සමඟ තම සමාගම නැව් ආරක්ෂා කරමින් එම කොල්ලකරුවන්ගේ කටයුතු නවතා දැමීමට කටයුතු කළ බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

වසර 2012 සිට 2014 දක්වා කාලයේදී සෝමාලියානු කොල්ලකරුවන් දැඩි ලෙස පසු බැස්සවීමට තම සමාගම සමත්වූ බවද ඔහු හෙළි කළේය.

එම කාලයේදී ප්‍රහාර 38ක් සෝමාලියානුවන්ගෙන් සිදුවූ බවත් ඉන් 09 දෙනෙකු සිය සමාගමේ දිවිපිදූ බවත් සිහි කළ ඔහු කෙසේවුවද සිය සමාගමේ යුද ශක්තිය හේතුවෙන් සෝමාලියානුවන් මෙල්ල කළ හැකි වූ බවද සේනාධිපති පැවසිය

මුහුදු කොල්ලකරුවන් පැහැර ගැනීමක් සිදු කළ අවස්ථාවකදී ඔවුන් ගලවාගන්නා ක්‍රමවේදයක් සිය සමාගම සකස් කර ඇති බවද ඔහු හෙළිකළේය.

එය මාස හතකට ආසන්න කාලයක් අධ්‍යනය කර සොයාගත් එකක් බවත්, සෝමාලියානු කොල්ලකරුවන් පැහැර ගැනීමෙන් පසුව නිදහස ලැබූ අයකු සිය සමාගමට සේවයට ගෙන මේ කාරණා සොයාගත් බවත් ඔහු පැවසීය.

පැහැර ගැනීමක් සිදු කළ අවස්ථාවකදී ඔවුන්ගෙන් බේරා ගැනීමට තමා සතුව රහස් ක්‍රමයක් ඇති බවද කී නිශ්ශංක එය හෙළිකළ නොහැකි බවද කියා සිටියේය.

කෙසේවුවද, මේ පැහැරගෙන ඇත්තේ ලාංකිකයන් බැවින් රජය ලිඛිතව තමන්ගෙන් ඔවුන් බේරා ගැනීමට ඉල්ලීමක් කළ හොත් එයට මැදිහත්වන බවද ඔහු කියා සිටියේය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site