Home News Breaking මහින්ද ඇතුළු කල්ලියට සරම්ප රෝගයක් – සෞඛ්‍ය ඇමැති කියයි

මහින්ද ඇතුළු කල්ලියට සරම්ප රෝගයක් – සෞඛ්‍ය ඇමැති කියයි

233 views
SHARE

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහාවූ ජාතික ව්‍යාපාරයේ පළමු සම්මන්ත්‍රණය අද (15) ශ්‍රි ලංකා පදනම් ආයතනයේ පැවැත්වෙනවා.ඒ සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන්.

සිවිල් සංවිධාන සහ ජාතික සංවිධානවල ප්‍රධානත්වයෙන් මෙම සම්මන්ත්‍රණය අද දිනයේදී පැවැත්වෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ,ඒකිය රාජ්‍යක් තුළ බලය බෙදීම සදහා වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමෙන් කිසිදු ආකාරයකින් රටේ බෙදීමක් සිදු නොවන බවයි.මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලිය ප්‍රකාශ කරන ආකාරයේ කිසිදු බෙදීමක් රට තුළ ඇති නොවෙන බව අමාත්‍යවරයා කියා සිටියා.

බුදුදහම ඇතුළු සියළු ආගම් වලට සාධාරණත්වය ඉටු කරමින් ,විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සහ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සිදුකරන බවයි අමාත්‍යවරයා සදහන් කලේ.

කිසියම් පළාත් සභාවක් බෙදුම්වාදය ගැන කතා කළහොත් එම පළාත් සභාව විසුරුවා හැර එහි බලය මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමේ වගන්තියක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කළා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරන්නේ දේශද්‍රෝහින් බවත් මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලිය ඒ ගණයට ඇතුළත් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඊනියා දේශප්‍රේමය රෝගයක් වන අතර එය මුළු ඇග පූරාම පැතිරුණු සරම්ප රෝගයක් බවට ඇල්බට් අයිස්ටයින් නමැති විද්වතා ප්‍රකාශ කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කලේ , මහින්ද ඇතුළු ඒ කල්ලිය ඒ රෝගයෙන් පෙළෙන පිරිසක් බවයි.
තමන් කල වංචා ,හොරකම් වසා ගැනීමට කෙසේ හෝ ආණ්ඩු බලය ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ උත්සහ කරමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේ , නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහා ජනමත විචාරණයක් පැවැත්වීමේ කිසිදු බියක් නැති බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site