Home News Breaking ” Aris 13″ නෞකාව පැහැර ගත්තේ නම් දැරූ කොල්ලකරුවන් පිරිසක් නෙවෙයි –...

” Aris 13″ නෞකාව පැහැර ගත්තේ නම් දැරූ කොල්ලකරුවන් පිරිසක් නෙවෙයි – නාවික හමුදාව කියයි

681 views
SHARE

ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ අටදෙනෙකු සමඟ බොරතෙල් ප්‍රවාහන නෞකාවක් පැහැරගෙන ඇත්තේ නම් දැරූ කොල්ලකරුවන් පිරිසක් නොවන බව නාවික හමුදාව ප්‍රකාශ කර තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනල් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ කියා සිටියේ මේ වනවිට නෞකාව සෝමාලියාවේ අලූලා මුහුදු වෙරළ ආසන්නයට රැගෙන ගොස් ඇති බවට අනාවරණ කරගෙන ඇති බවයි.

මේ වනවිටත් නෞකාව මුදවා ගැනීම සඳහා ජාත්‍යන්තර ඒකාබද්ධ සමුද්‍රීය බලකාය සමග සාකච්ඡා කරන බවද ඔවුන් ප්‍රකාශ කළා.

පැහැරගැනීමට ලක්වූ නෞකාවේ කපිතාන්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේ නිකලස් ඇන්තනි නැමති කාකදූපත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම නෞකාවේ කාර්ය මණ්ඩලයේ සිටි රුවන් සම්පත්, දිලීප රණවීර, සුනිල් පෙරේරා, ළහිරු ඉඳුනිල්, ජයන්ත කළුබෝවිල, ජනක සමේන්ද්‍ර සහ ඒ. ෂන්මුගම් යන අය මතුගම, ගාල්ල, කඳාන, අකුරැස්ස, හොරණ, දෙවිනුවර, සහ මීගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site