Home News Politics SAITM වහනවා නම් පෙරපාසල් ද වැසිය යුතුයි

SAITM වහනවා නම් පෙරපාසල් ද වැසිය යුතුයි

331 views
SHARE

සයිටම් ආයතනය තහනම් කරනවා නම් පෞද්ගලික උපකාරක පන්ති, ජාත්‍යන්තර පාසල්, පෙරපාසල් ආදී සියලු පෞද්ගලික අධ්‍යාපන ආයතන තහනම් කළ යුතු බව ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි සඳහන් කළා.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ(15) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පැවසුවා.

සයිටම් විද්‍යාලය වැනි තවත් පෞද්ගලික අධ්‍යාපන ආයතන මෙරට පවතින අතර එවැනි සියලු පෞද්ගලික අධ්‍යාපන ආයතන තහනම් කළ යුතු බවත් එසේ නොවී මෙම ආයතනය පමණක් පෞද්ගලික ආයතනයක් ලෙස සඳහන් කර විරෝධතා පැවැත්වීම අසාධාරණ බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

එමෙන්ම සයිටම් ආයතනයේ රාජ්‍ය වෛද්‍යවරුන් 80කගේ පමණ දරුවන් අධ්‍යාපනය ලබන බවට තමන්ට පෞද්ගලිකව අනාවරණය වී ඇති බවත් එම ආයතනයේ ඉගැන්වීම් සිදුකරන රජයේ වෛද්‍ය විද්‍යාලවල ආචාර්යවරුන්ද එම ඉගැන්වීම් නැවැත්විය යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ වන විට රජයේ රෝහල්වල වෛද්‍යවරුන් හා හෙදියන්ගේ හිඟයක් පවතින බැවින් පෞද්ගලික හෝ රාජ්‍ය හෝ නොසිතා ජනතාවට සේවය කිරීම සඳහා වෛද්‍ය උපාධිය ලබා දියයුතු බවයි මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ.

කෙසේ නමුත් වෛද්‍ය විද්‍යාලයකට අවශ්‍ය ප්‍රමිතිය තිබිය යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site