Home News Breaking මංගලගෙන් හිටපු ජනපති මහින්දට පිළිතුරක්

මංගලගෙන් හිටපු ජනපති මහින්දට පිළිතුරක්

319 views
SHARE

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පසුගිය 13 වන දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට පිළිතුරු වශයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේනවා .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිමය ප්‍රතිසංස්කරණ මඟින් ජාතිය විනාශ වන බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදයක් නිකුත් කර තිබුණි.

අදාළ නිවේදනයේ අඩංගු කරුණු අත්සන, විකෘති කරන ලද හා සාවාද්‍ය තොරතුරුවලින් ගහන පරස්පරතා රාශියක් පවතින බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පෙන්වා දෙයි.

කෙසේ වෙතත් රට ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙත තල්ලු කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ දුරදර්ශි ක්‍රියා කලාපය හේතුවෙන් ජාත්‍යන්තරයේ විශ්වාසය නැවත දිනාගැනීමට හැකියාව ලැබී ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ ආදි කල්පිත දරුණූ නීති රීති වෙනස් කර නූතන ලෝකය පිළිගත් සීලාචාර නීතී රීති රටට හඳුන්වා දීම දේශද්‍රෝහී ක්‍රියාවක් නොවන බව ද මංගල සමරවීර අමාත්‍යවරයා නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site