Home News Breaking අනුර සේනානායක විත්ති කූඩුවේදී කළ දුක හිතෙන ප්‍රකාශය මෙන්න

අනුර සේනානායක විත්ති කූඩුවේදී කළ දුක හිතෙන ප්‍රකාශය මෙන්න

1,000 views
SHARE

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයේ තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේනවා .

අදාළ නඩුව අද(16) කැඳවූ අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි සැකකාර හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කීරීමට නියෝග කර ඇත.

එහිදී හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විත්ති කූඩුවේ සිට අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ ඇප නියම නොකිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවයි.

තමන්ට එරෙහිව පවතින්නේ තාජුදීන් ඝාතනයේ තොරතුරු වසන් කිරීමේ චෝදනාව බව සඳහන් කරන අනුර සේනානායක එවැනි චෝදනා එල්ල වී ඇති අයෙකුට මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප නියම කළ හැකි නමුත් මාස 10කට ආසන්න කාලයක් තමන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බව පෙන්වා දී තිබේනවා .

ඒ හේතුවෙන් තමා කායික හා මානසික වශයෙන් දැඩි ලෙස පීඩනයට ලක්ව ඇති බව ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

තමාට ද අවශ්‍ය තාජුදීන් ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන එම නඩුවෙන් නිදහස් වීම බව හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අධිකරණයට සඳහන් කර තිබේ.

හැකි ඉක්මණින් තාජුදීන් ඝාතනය පිළිබඳ විමර්ශන අවසන් කර තමන්ට නිදහස ලබාදීමට පියවර ගන්නා ලෙසට නියෝගයක් කරන මෙන් ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළ බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළා

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site