Home C Gossip විවාහය දෙදරා ගිය සහන් දෙරණින් සියතට

විවාහය දෙදරා ගිය සහන් දෙරණින් සියතට

1,718 views
SHARE

 

දෙරණ රුපවාහිනී නාලිකාවේ ආරම්බයේ පටන් රසිකයින් අතර ආදරය දිනාගත් සහන් ගැන අලුත් පුවත් මැවෙන වකවානුවක මේ දිනවල ඔහු සියත නාලිකාවට සම්බන්ධවීමට යන සුදානමක් පැතිර ගියා.

මේ සමගම සහන්ගේ දෙදරාගිය විවාහ දිවිය පිළිබදවද කථා බහට ලක්වුනා. කෙලින් කථා කරන සහන් සති අන්ත පුවත් පතකට සිය අදහස් දක්වා තිබුනේ මේ ආකාරයෙන්….

සහන් දෙරණින් ඉවත් වෙලා යන්න හදන්නේ හිත් අමනාපයෙන්ද?

මම කොහොමද දෙරණ එක්ක අමනාප වෙන්නේ. මම අවුරුදු 11ක්ම හිටියේ දෙරණේ. ඒ තමයි මගේ මහගෙදර. මම යන්න හිතුවේ එකම තැන දිගටම ඉන්නවට වඩා අලුත් තැනක අලුත් අත්දැකීම් ලබන්න ඕන හින්දා. අනික මම දෙරණ නාලිකාවේ හිටියේ නිවේදකයෙක් විදිහට. සියතෙන් මට ඊට වඩා වැඩි වටිනාකමක් ලබා දුන්නා.ඒ හින්දයි මම සියතට යන්නේ.

සියතේ ඔබේ තනතුර මොකක්ද?

විධායක නිෂ්පාදක හා නිවේදක

විවාහ ජීවිතයේ යම් අර්බුදකාරී බවක් ඇතිවෙලා තියෙන බවට රාවයක් තියෙනවා?

ඒ කතාව ඇත්ත.

ඒ ගැන කතා කරන්න කැමතිද?

කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් නීතිමය ප්‍රශ්න මත යම් යම් සීමාවන් තුළ ඉඳගෙන තමයි කතා කරන්න වෙන්නේ. අනික ඉතින් ඔය ප්‍රශ්නෙදි මම සියයට සියයක්ම නිර්දෝෂියිනේ. ඉතින් මට ඔය ගැන කතා කරන්න දෙයක් නැහැ. මාධ්‍ය ඉදිරියේ කතා කරන්න ඕන, අදහස් දක්වන්න ඕන වැරදි කරපු අය.

අඹුසැමි ගැටුම් බත්හැලිය ඉඳෙනතුරු විතරයි කියල කියමනක් තියෙනවා නේද?

ඔව්… එහෙම කියමනක් තියෙනවා. ඒ වගේම තමයි උණපුරුකේ දාල තිබ්බත් බලු වලිගේ ඇද අරින්න බැහැ කියලත් කියමනක් තියෙනවා.

බොහෝ අඹුසැමියෝ වැරදි හදාගෙන එක වහලක් යටට එකතුවන්න හිතන්නේ දරුවෝ ගැන හිතලා…

මම මුලදි එහෙම හිතුවා. ඒත් දැන්නම් එහෙම හිතන්නෙ නැහැ. දැන් මම ස්ථාවර තීරණයකට ඇවිත් තියෙන්නේ.

දෙමාපියන්ගේ වැරදි හින්දා දරුවෝ අසරණ වෙනවා නේද සහන්…?

මගේ පුතා කවදාවත් අසරණ වෙන්නේ නැහැ. මගේ පුතාට එයාගේ තාත්තා ඉන්නවා.

දරුවාගේ අයිතිය සහන් ලබාගන්නවාද?

ඔව්.. මගේ පුතා තමයි මගේ ජීවිතේ. මට එයා නැතුව ජීවත් වෙන්න බැහැ. මම මගේ දරුවා මගේ ළඟට ගන්නවා. පුතාට කිසි දේකින් අඩුවක් දැනෙන්න නොදී එයාගේ අනාගතය යහපත් කරනවා. ඒක තමයි මගේ ලොකුම බලා‍පොරොත්තුව.

මොනවද සහන්ගේ ජීවිතේ ඉදිරි අරමුණු?

සියත නාලිකාව මට ලොකු වටිනාකමක් එක්ක ලොකු වගකීමක් දුන්නා. අලුත් තනතුර තුළ මට කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ කටයුතුවලට සාර්ථකව මුහුණදීම තමයි මගේ අරමුණ.

උපුටා ගැනීම ලක්බිම පුවත් පතෙන්

 

Save