Home News Breaking මුදල් අමාත්‍යවරයා බන්දුලගෙන් මිලියන 2000ක වන්දි ඉල්ලුවේ ඇයි ?

මුදල් අමාත්‍යවරයා බන්දුලගෙන් මිලියන 2000ක වන්දි ඉල්ලුවේ ඇයි ?

276 views
SHARE

මුදල් අමාත්‍ය රවී කරුණායක පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනගෙන් රුපියල් බිලියන 2ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යවා තිබෙනවා.

බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටි බන්දුල ගුණවර්ධනට ලබාදුන් අවවාදයන් පිළිබඳව මුදල් අමාත්‍යවරයා මාධ්‍ය වෙත කර තිබු ප්‍රකාශයකට එරෙහිව බන්දුල ගුණවර්ධන එවා තිබූ එන්තර වාසියට පිළිතුරු වශයෙන් මෙම එන්තර වාසිය යොමු කළ බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කලේ.

මුදල් අමාත්‍යවරයාගේ නීතිඥයින් විසින් බන්දුල ගුණවර්ධන වෙත අදාළ එන්තරවාසිය යොමු කළ බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ බන්දුල ගුණවර්ධන සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා කිසිඳු අපහාසාත්මක ප්‍රකාශයක් කර නොමැති බවයි.

තමා මාධ්‍ය වෙත කළ ප්‍රකාශය හැර බන්දුල ගුණවර්ධන විසින් එවා ඇති එන්තර වාසියේ ඇති අනෙකුත් සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂෙප කරන බව ද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

ඒ අනුව අපහාසයක් කලායැයි බන්දුල ගුණවර්ධන රුපියල් මිලියන 300 ක් ඉල්ලා නඩු පවරන්නේ නම් තමන් රුපියල් මිලියන 2000 ක් ඉල්ලා නඩු පවරන බව මුදල් අමාත්‍යවරයාගේ නීතිඥයින් යෙමු කළ එන්තරවාසියේ සඳහන් බව මුදල් අමාත්‍යාංශ නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site