Home News Breaking ලංකා හොස්පිටල්හි CEO අසත්‍ය වාර්තාවන් පළකරන වෙබ් අඩවි වලට දෙහි කපයි

ලංකා හොස්පිටල්හි CEO අසත්‍ය වාර්තාවන් පළකරන වෙබ් අඩවි වලට දෙහි කපයි

315 views
SHARE

ප්‍රතිකාර සඳහා පැමිණි මාලදිවයින් ජාතික රෝගීන් ලංකා හොස්පිටල්හිදී මිය ගිය බවට පළ වූ වාර්තාවන් අසත්‍ය බව ලංකා හොස්පිටල්හි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ප්‍රසාද් මැදවත්ත සඳහන් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ රෝහලෙන් මාලදිවයින් ජාතික AH1 N1 රෝගීන් වාර්තා වූ බව හා ප්‍රතිකාර සඳහා පැමිණි ඔවුන් මිය ගිය බවට වෙබ් අඩවි මගින් පළ වූ වාර්තාවන්වල කිසිඳු සත්‍යතාවයක් නොමැති බවයි.

මාලදිවයින් ජාතික රෝගීන් 12 දෙනෙකු මේ වන විට ලංකා හොස්පිටල්හි රෝහල් ගත වී ඇති බවත්, ඒ නමුත් ඔවුන්ට AH1 N1 රෝගී තත්ත්වයක් නොමැති බවත්, ඔවුන් වෙනත් ශෛල්‍යකර්ම සඳහා රෝහල්ගත වී ඇති බවත් එම නිවේදනයයේ වැඩිදුරටත් දැක්වෙනවා.

විවිධ පුද්ගලයින් විසින් රෝහලේ ප්‍රතිරූපයට හානි කිරීමේ අරමුණින් මෙවැනි ප්‍රචාරයන් සිදු කරන බවයි වෛද්‍ය ප්‍රසාද් මැදවත්ත වැඩි දුරටත් කියා සිටියේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site