Home News Breaking හදාවඩා ගත් මව පස් හැවිරිදි දරුවා ඝාතනය කරයි

හදාවඩා ගත් මව පස් හැවිරිදි දරුවා ඝාතනය කරයි

343 views
SHARE

කාත්තන්කුඩි, නාවක්කුඩි ප්‍රදේශයේදී කුඩා දරුවෙකු පහරදී ඝාතනය කළ බවට අත්අඩංගුවට ගත් කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුගිය 15 වනදා අළුයම පස් හැවිරිදි පිරිමි දරුවෙකු නිවසේ පඩිපෙලෙන් ඇදවැටී මියගොස් ඇති බවට එම දරුවා හදාවඩාගත් කාන්තාව සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබූ අතර දරුවාගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මොට ආයුධවලින් සිදු කළ පහරදීමකින් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට රුධිර වහනයවීම මරණයට හේතුව සිදු වූ බවට අනාවරණය වූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනා මත අදාළ කාන්තාව ඊයේ(16) කාත්තන්කුඩි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය සඳහන් කළා.

එම දරුවාගේ මව විසින් දරුවා හදාවඩා ගැනීම සඳහා නිත්‍යානූකුල නොවන අයුරින් මීට මාස 03කට පෙර අදාළ කාන්තාවට ලබාදී ඇති බවයි පොලීසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site